කරුණාව නීතිය හමුවට ගෙන එන බව සජිත් කියයි

Share

තමන් පිහිටුවන ආණ්ඩුවේ දී කරුණා අම්මාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

පිළියන්දල ප්‍රදේශයේ ඊයේ (28) පස්වරුවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

වර්තමාන අග්‍රාමාත්‍යවරයා මෙරට ආර්ථික ගැටළු පිළිබඳ එක් වචනයක් හෝ කතා නොකරනු ඇතැයි ද පැවසු සජිත් ප්‍රේමදාස මහතා, එතුමාට පුර්ණ කාලීන රාජකාරියක් පැවරී ඇතැයි ද පැවසීය.

“කොටි ත්‍රස්ථවාදියෙක් වු කරුණාව පිරිසිඳු කිරීම“ එම කාර්ය බවද පැවසු ප්‍රේමදාස මහතා, මෙවර ආණ්ඩුව පිහිටුවන විට එක් දිනක් තුළ හමුදා සාමාජිකයින් 3000ක් ඝාතනය කළ බව පැවසු කරුණා අම්මාන්ව නීතිය හමුවට ගෙන එනු ඇතැයි ද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ බුද්ධිමත්ව ඡන්දය ඉතා කල්පනාකාරීව භාවිතා කළ යුතු බවය.

Read more

Local News