කෞතුකාගාර සිමිත නරඹන්නන් පිරිසක් සහිතව ජූලි 1 වනදා සිට විවෘත වෙයි

Share

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කෞතුකාගාර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය නීතිරිතිවලට යටත්ව විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

2020 ජූලි මස 1 වන දින සිට ජාතික කෞතුකාගාරය රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර සෑම දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා විවෘත කර තිබේ.

ඒ අනුව එක් වරකට උපරිම නරඹන්නන් 15 දෙනෙකු වන පරිදි විනාඩි 30ට වරක් නරඹන්නන් ඇතුළු වීමට සැලසුම් කර ඇත.

කෞතුකාගාරයට පැමිණීමට පෙර පහත දුරකථන අංකවලට අමතා ඔබගේ චාරිකාව සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීම මඟින් සිදුවන අපහසුතාවයන් මඟහරවා ගත හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

www.museum.gov.lk වෙබ් අඩවිය මඟින් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.

Read more

Local News