විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලීමක්

Share

විදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඉදිරි සුබසාධන කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තොරතුරු සංගණනයක් ආරම්භ කොට තිබේ.

 

මෙම තොරතුරු යාවත්කාලීන කිරීමේ අරමුණ වන්නේ විගමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු හා ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරෝත්තු වන සියලු කටයුතු ක්‍රමවත් කිරීම බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ ඇති අයදුම්පත මාර්ගගත ක්‍රමයෙන් පුරවා යොමු කරන ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.

එම තොරතුරු වෙනත් කාර්යයන් සඳහා යොදා නොගන්නා බවත් තොරතුරුවල රහස්‍යභාවය සුරකින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා “011-2866002“ දුරකථන අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අංශය අමතන ලෙස ඉල්ලා සිටී.

Read more

Local News