බැඳුම්කර සිද්ධියේ නිර්දේශ අධ්‍යයනය කිරීමට, නඩු පැවරීම ඇතුළු කටයුතු වෙනුවෙන් කමිටුවක්

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති චන්දිම වීරක්කොඩි මහතා පවසන්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ අධ්‍යයනය කිරීමට හා නඩු පැවරීම ඇතුළු මුලික කටයුතු වෙනුවෙන් කමිටුවක් පත්කර ඇති බවයි.

එම කමිටුව අතිරේක සොලිසිටර් ජනරාල් මුදිත ප්‍රනාන්දු හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ගුණසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් දැනටමත් මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය‍.

ඕනෑම ආයතනයක ආයතන ප්‍රධානින් අනෙකුත් අංශවල ප්‍රධානින්ගේ හා සේවකයන්ගේ සහය ලබා ගන්නා අතර නිර්දේශ අධ්‍යයනය කිරීම, නඩු පැවරීම ඇතුළු අනෙකුත් කටයුතු වෙනුවෙන් මුදිත ප්‍රනාන්දු මහතාගේ හා හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඇතුළු කණ්ඩායමේ සහාය ලබාගන්නා බවද ඇමැතිවරයා පැවසීය.

ඇමති චන්දිම වීරක්කොඩි මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (25) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේ නඩු පැවරීම ඇතුළු මුලික කටයුතු අවසන් වීමෙන් පසුව එම කාර්යය නැවත අධික්ෂණය දප්පුල ද ලිවේරා හා යසන්ත කෝඳාගොඩ යන මහත්වරුන් සිදුකරන බවයි.