රජයෙන් ඉල්ලීමක්

Share

සීනි, කිරිපිටි, තිරිඟු , කුළුබඩු, එළවළු තෙල්, ධාන්‍ය වර්ග, සත්ත්ව ආහාර පමණක් නොව එදිනෙදා පරිභෝජනයට ගනු ලබන අල, වියළි මිරිස්, ලොකු ලූණු, රතු ලූණු, මුං ඇට, උඳු, කුරක්කන් වැනි දෑ ද, කහ, සියඹලා, කොමඩු, උම්බලකඩ, හාල්මැස්සන් වැනි ද්‍රව්‍ය ද ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා විශාල විදේශ විනිමයක් රටින් බැහැරට යන බව වාර්තා වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව 2018 වසරේ දී මෙම කෘෂිකාර්මික ආනයනය සඳහා ශ්‍රී ලංකාව දරා ඇති මුළු වියදම රුපියල් බිලියන 289 ඉක්මවා තිබේ.

මෙසේ දේශීයව වගා කළ හැකි ධාන්‍ය වර්ග ආනයනය නතර කිරීමට රජය විසින් පසුගිය ද පියවර ගනු ලැබීය. එහිදී රජය නිවේදනයක් නිකුත් කරමින් අදාළ පාර්ශවවලින් මෙසේ ඉල්ලා සිටියේය.

“2019/20 මාස් කන්නය දැන් උදා වී ඇත. ඒ සඳහා අවශ්‍ය යහපත් දේශගුණික තත්ත්වයත්, වාර්ෂාපතනයත් ලැබෙමින් පවතී. සියලූ ජලාශ පිරෙමින් පවතී. වාරිමාර්ග මෙන්ම වාරිමාර්ග නොවන ඉඩම්වල දැනටමත් වී වගාව ආරම්භ වී හෝ ආරම්භ කෙරෙමින් ඇත. බඩඉරිඟු, මුංඇට, කවුපී වැනි භෝග මෙන්ම වගා කළහැකි සෑම භෝගයක්ම වගා කරමින් ජාතික ආර්ථිකයේ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි කරමින් රටින් ගලා යන විදේශ විනිමය අපේ රටේ ගොවි ජනතාවගේ ආදායම බවට පත් කර ගැනීමට කැපවෙමු යැයි අදාළ පාර්ශ්වයන්ගෙන් රජය ඉල්ලා සිටී.“

Read more

Local News