වියට්නාමයේ සහ ජපානයේ රැඳී සිටි පිරිසක් දිවයිනට

Share

වියට්නාමයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 65 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

ඊයේ (02) එම පිරිස වියට්නාම් ගුවන්සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි බව “අප“ ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේය.

මේ අතර ජපානයේ සිටි ශ්‍රි ලාංකිකයින් 261 දෙනෙකුද අද (03) අළුයම දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ජපානයේ රැකියා සඳහා ගොස් සිටි පිරිසක් බව වාර්තා වේ.

එම පිරිස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරණ ගුවන් යානයෙන් ජපානයේ නරීටා සිට අද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණ සඳහා යොමුකර ඇති බව වාර්තාකරු පැවසීය.

Read more

Local News