ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

Share

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

 

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලද පැමිණිලි මත අදාල වැටලීම් ආරම්භ කිරීමට පියවර ගත් බව එම අධිකාරිය සඳහන් කළේය.

දැනට වෙළදපොළේ පවතින ඇතැම් වානේ දඬු නියමිත ප්‍රමිතියට නොමැති අතර ඒවායේ නියමිත බරද නොමැති බවට පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සෑම වානේ නිෂ්පාදනාගාරයකින්ම ලබාගත් සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

ප්‍රමිතියට අනුකූල නොවන ආකාරයෙන් දගර වානේ නිෂ්පාදනය කරන්නන් සහ අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

Read more

Local News