රජරට ගොවීන්ගෙන් ජනපති ඉල්ලීමක් කරයි

Share

රජය ධාන්‍ය ආනයනය කිරීම නතර කර ඇති බැවින් ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්ථාව ගොවී ජනතාවට උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

එබැවින් බඩ ඉරිඟු, උඳු,  මුං, කවුපී, කුරක්කන් වැඩිපුර වගා කිරීමට උනන්දු වන ලෙස ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මහ මැතිවරණයට තරඟ වැදී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු සදහා ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊයේ (3) සිදුකළ චාරිකාවේ දී මේ බව ප්‍රකාශ කර තිබේ.

නිසි කලට පොහොර සහ ජලය ලැබෙන්නේ නම් බාධාවකින් තොරව වගාවේ නිරත විය හැකි බව ගොවීන් ජනාධිපතිවරයාට පවසා ඇති අතර කාබනික පොහොර භාවිතයට වැඩි වශයෙන් යොමුවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

හොරොව්පතාන පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  වැඩබලන විදුහල්පතිවරු මුහුණ පා ඇති ගැටළු විසඳීමට පියවර ගන්නා ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Read more

Local News