මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ අනතුරකින් තරුණයෙක් මරුට

Share

මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ එරාවුර් නගරයේ දී මඩකලපුව දෙස සිට වාලච්චේන දෙසට ධාවනය වු යතුරුපැදියක් ලොරියක ගැටී සිදුවු අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

 

ඊයේ (05) රාත්‍රී  7.40ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

යතුරුපැදිය එම දෙසටම ධාවනය වු ලොරි රථයක් ඉස්සර කර යෑමේ දී යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් ලොරි රථයේ පිටුපස රෝදයට පැදිකරු යට වී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු එරාවූර් රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වු එරාවූර් හි පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එරාවූර් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News