මැතිවරණ කොමිසමට අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු කැඳවයි

Share

අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

 

අද (07) උදෑසන 10.00ට විශේෂ රැස්වීමක් සඳහා අදාළ ලේකම්වරු මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයට කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයෙකු සඳහන් කළේය.

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන මෙම දිනවල රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබේ.

විශේෂයෙන් රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට අයත් රථ වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අතිරේක ලේකම්වරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු මෙන්ම එම කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරන අමාත්‍යාංශ නිලධාරීන් අදාළ සාකච්ඡාව සඳහා කැඳවා ඇති බව සඳහන්ය.

Read more

Local News