රුසියානු කාන්තාවට හිරිහැර කළ තරුණයින් අල්ලයි

Share

ගාලු මුවදොර පිටියේ දී රුසියානු කාන්තාවකට හිරිහැර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා අද (07) දිනයේ දී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට  නියමිත බව පොලීසිය පවසයි.

 

 

පසුගිය ඉරිදා දින රාත්‍රී 11ට පමණ මෙම කාන්තාව සිය ලාංකික පෙම්වතා හා මිතුරන් පිරිසක් සමග ගාලු මුවදොර පිටියේ සිටිය දී මෙය සිදුව තිබේ.

මොවුන්ට පිරිසක් පැමිණ හිරිහැර කරමින් පහර දී ඇති අතර, එම අවස්ථාව මෙම කාන්තාව විසින් වීඩියෝ ගත කර ඇත.

ඉන්පසු පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් ඊයේ (06) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News