විදේශයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

Share

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු දිවයිනට පැමීණ තිබේ.

 

අද (10) අලුයම 4.50ට පමණ එම පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බව අප වාර්තාකරු සදහන් කළේය.

ඔවුන් එරට රැකියා සදහා පිටත්ව ගොස් සිටි ශ්‍රි ලාංකිකයන් පිරිසක් බව වාර්තා වේ.

ජපානයේ සිටි ශ්‍රි ලාංකිකයන් 05දෙනෙකුද, අද අලුයම දිවයිනට පැමිණ තිබුණි.

මේ අතර විදේශිය නැවක සේවය කිරීම සඳහා විදේශිය නාවිකයන් 24 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි බව ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේය.

මෙලෙස පැමිණි සියලු දෙනා කටුනායක ගුවන්තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.

Read more

Local News