කළු මල්ලි අත්අඩංගුවට

Share

“කොස්ගොඩ තාරක” නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු වන රොහාන් ප්‍රදීප් නොහොත් “කළු මල්ලි” නමැත්තා අංගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

46 හැවිරිදි අදාළ සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 230ක් ද පොලීසිය බාරයට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 428ක මුදල් සහිත සැකකරුට අයත් බැංකු ගිණුමක් පිළිබඳව ද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර පසුගිය වසර එක හමාරක කාලය තුළ එම බැංකු ගිණුම හරහා රුපියල් ලක්ෂ දහසක පමණ ගණුදෙණු හුවමාරු වී ඇති බවට ද අනාවරණය වී ඇති බව වාර්තා වේ.

සැකකරු අද (10) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News