දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ කාලය දීර්ඝ වෙයි

Share

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය මාස 4 කින් දීර්ඝ කර තිබේ.

 

2015 වසරේ ජනවාරි මස 8 වනදා සිට 2019 වසරේ නොවැම්බර් මස 16 වන දින දක්වා කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයේ සාමාජිකයින්ට සිදුව ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා මෙම කොමිසම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කෙරුණි.

පසුගිය ජනවාරි මස 9 වනදා පත් කරන ලද කොමිසමේ කාලය මෙම මස 9 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් ජනාධිපති කොමිසමේ කාලය තවත් මාස 4 කින් එනම් නොවැම්බර් මස 9 වන දා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.

Read more

Local News