70 වැනි නිදහස් සමරු උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් – අමාත්‍ය වජිර අබේවර්ධන

Share

නිදහස් දින වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්විණි. එහිදී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සඳහන් කළේ,

70 වැනි නිදහස් සමරු උළෙල ලබන පෙබරවාරී 04 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිත්වයෙන් ගාලුමුවදොර පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බවයි.

මෙවර උත්සවයෙන් විශේෂ ආරාධිත අමුත්තකු ලෙස බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් එලිසබෙත් මහ රැජිනගේ බාල ප්‍රත්‍රයා වූ එඩ්වර්ඩ් කුමරු සහභාගිවීමට නියමිතය. මෙම උත්සව අවස්ථාවට දෙස් විදේස ආරාධිතයින් 3500ක් පමණ සහ මහජනතාව ද සහභාගිවීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවර නිදහස් දින තේමාව ” එකම දැයක්” වන අතර 70 වැනි නිදහස් දිනය වෙනුවෙන් විශේෂ ලාංඡනයක් නිර්මාණය කර ඇති අතර සමරු මුද්දරයක් ද නිදහස් දිනයේ නිකුත් කිරීමට නියමිතය. එසේම නිදහස් සමරුව වෙනුවෙන් විශේෂ ලාංඡනයක් ද හඳුන්වා දෙන අතර ගාලු මුවදොර පිටියේ උත්සවයට අමතරව රාත්‍රියේ කොළඹ මහ නගර සභා භූමියේ සංස්කෘතික හා සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම නිදහස් දින උත්සවය වෙනුවෙන් පෙබරවාරී 2 වැනි දා සිට ආගමික වතාවත් සංවිධානය කර තිබෙන අතර නිදහස් දින සැමරෙන 4 වැනි දින සර්ව ආගමික වතාවත් ආගමික ස්ථාන මුල්කර ගනිමින් පැවැත්වේ. නිදහස් දින සැමරුම් දින පෙරවරුවේ මහාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ පිළිරුව අභියස පුෂ්පෝපහාර පිරිනැමීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

නිදහස් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු ලබන 27,28, 31 සහ පෙබරවාරී 1,2, 3 යන දිනවල සහ උත්සවය පැවැත්වෙන 4 වැනි දින ද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක ද වෙයි.

Read more

Local News