තමන් ජීවත්ව සිටින තෙක් දේශපාලනයේ නිරත වනවා – ජනපති

Share

අද (26) ජනපති නිල නිවසේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා අැත්තේ,

ජනපතිවරණයකට නැවත ඉදිරිපත් වන්නේදැයි තමන් තවමත් තීරණය කර නොමැති බවත් තමන් ජීවත්ව සිටින තෙක් දේශපාලනයේ නිරත වන බවයි.

තමන් දේශපාලන සත්වයෙක් බවත් තනතුරු ඇතිව හෝ නැතිව දේශපාලනයේ නිරත වන බවත් ලබන 29 වනදා තමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් ද කැදවා ඇති බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

Read more

Local News