පාරම්පරික කර්මාන්ත රැකගත යුතුයි – ජනපති

Share

ස්වයං රැකියා උත්පාදනයට අවශ්‍ය ණය දැනුම සහ තාක්ෂණික පහසුකම් සැපයීමට රජය උපරිමයෙන් කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

පාරම්පරික කර්මාන්ත රැකගනිමින් ඒවා දියුණු කළ යුතු බව ඒ් මහතා මහතා පෙන්වා දේ.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරඟවදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස ඊයේ (11) මහනුවර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් යටිනුවර කඩුගන්නාව නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

රටේ ආර්ථිකයට දායකවන සියලු ස්වයං රැකියා කරුවන්ට ප්‍රාදේශීය මට්ටමින් අවශ්‍ය පහසුකම් සලසන බව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි සඳහන් කළේය.

හේවාහැට තලාතුඔය බස්නැවතුමට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා අපේක්ෂා ඉටුකිරීමට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

යටිනුවර, කිරිබත්කුඹුර ප්‍රදේශයේ සංචිධානය කර තිබු ජන හමුවකට ද සහභාගී වු ජනාධිපතිවරයාගෙන් කිරිබත්කුඹුර නගරය සියලු පහසුකම් සහිත නගරයක් ලෙස සංවර්ධනය කර දෙන ලෙස ජනතාව ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මහනුවර බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට පැවති ජනහමුවට ද එක් වු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනතුරුව හේවාහැට ගලහ නගරයේ හින්දු කෝවිල අසළ පැවති ජනහමුවට ද එක් වුණි.

වතු ජනතාව මුහුණ පා ඇති ගැටලුවලට ඉහළම සතුටුදායක විසඳුම් දෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වතු පාසල්වලට සහ සෞඛ්‍ය අවශ්‍යතාවලට ප්‍රමුඛතාවය දෙන බව ද එහිදී සඳහන් කළේය.

Read more

Local News