දකුණු කොරියාවේ මිල්යෑන් නගරයේ රෝහලක ගින්නක්

Share

දකුණු කොරියාවේ ගිනිකොණ කලාපයේ පිහිටි මිල්යෑන් නගරයේ ‘සෙජෝන්’ රෝහලක් ගිනිබත්වීමෙන් 39 දෙනකු පමණ මරණයට පත් වූ බව වාර්තා වෙයි.

ගිනි නිවන හමුදා භටයන් පවසන ආකාරයට 39 දෙනකු මරණයට පත් වී ඇති නමුත් මරණ සංඛ්‍යාව 41 ක් බව පොලිසිය තක්සේරු කරයි.

මරණයට පත්වූවන්ට අමතරව තවත් විශාල පිරිසක් ගින්නෙන් තුවාල ලබා ඇත.

රෝහලේ හදිසි අංශයේ කාමරයකින් ගින්න ආරම්භ වී ඇතැයි සැලකෙන අතර ගිනි නිවන හමුදා භටයන්ට එය මැඩ පැවැත්වීමට පැය කීපයක්ම ගතවී ඇත.

මෙය වසර දහයක පමණ කාලයකින් දකුණු කොරියාවෙන් වාර්තා වූ බිහිසුණුම ගින්න ලෙසයි වාර්තා වන්නේ.

 

Read more

Local News