රටේ නව දේශපාලන නැඟීසිටිමක් අවශ්‍යයි – අනුර

Share

මේ මොහොතේ රටේ නව දේශපාලන නැඟීසිටිමක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අද වන විට සමාජය විශාල මිත්‍යාවකට කැඳවා ගෙන යමින් ඇති බවත් පැවසු ඒ මහතා, එම මිත්‍යාවට එරෙහි අරගලයක් කිරීමට ඉතුරුව ඇතැයි ද පැවසීය.

එය අත්නොහැරිය හැකි සමාජ වගකීමක් බවට පත් වෙමින් ඇතැයි ද පැවසු අනුර කුමාර මහතා, මුළු දේශපාලනය ම ජාතික වශයෙන් පවුල් කිහිපයක් මත හා ප්‍රාදේශීය වශයෙන් පවුල් කිහිපයක් මත කේන්ද්‍ර ගත ව ඇතැයි ද කියාසිටියේය.

ඒ නිසාවෙන් මෙරට ට නව දේශපාලන බලයක් අත්පත්කර ගැනීමට නව තාරුණ්‍යයේ අරගලයක් කළ යුතුව ඇතැයි ද ඔහු පැවසීය.

Read more

Local News