Tuesday, March 19, 2024.

තැපැල් දෙපාර්තමේන්තුව ගත් අලුත්ම තීරණය

Share

පවතින තත්වය මත සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ සහ නිරෝධායනය වන නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ඊයේ (13) දිනයෙන් ආරම්භ කෙරුණු අතර සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ සහ නිරෝධායනය වන කිසිදු නිවසක් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරී සිදුනොකළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය. මෙම ප්‍රදේශ සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු ඉදිරි දිනක දී සිදුකිරීමට නියමිතය.

මෙවර තැපැල් කාර්යාල 2000කට වැඩි සංඛ්‍යාවක තැපැල් සේවකයින් 8000කට ආසන්න සංඛ්‍යාවක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු සිදුකරයි.

පසුගිය 11 සහ 12 යන දෙදින තුළ තේරීම්භාර නිලධාරීන් විසින් තැපැල් දෙපාර්තමේන්තුවට මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරදුන් අතර මේ වන විටත් ඒවා තැපැල් කාර්යාල වෙත යවා ඇති බව සඳහන්ය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් කටයුතු ලබන 29 වැනිදායින් අවසන් කිරීමට නියමිත අතර 19 සහ 26 යන දිනයන් විශේෂ බෙදීම් දිනයන් ලෙස නම් කර බෙදාහැරීම් කටයුතු සිදුකරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරන ලදී.

Read more

Local News