මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට රියදුරු බලපත්‍ර ලබා ගැනිම සඳහා අනවශ්‍ය ලෙස ඒකරාශී නොවන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
“ඊයේ දිනය (13) තුළ පමණක් පුද්ගලයින් 3500කට ආසන්න පිරිසක් වේරහැර කාර්යාලය වෙත පැමිණ ඇති අතර එහෙත් සේවාවන් සැපයිය හැක්කේ එක් දිනකට 1300කට පමණි”.
මේ වන විටත් 2020 අංක 3 දරන මෝටර් වාහන නියෝග මගින් 2020.03.16 සිට 2020.06.30 දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා වලංගු කාලය අවසන් වන දින සිට මාස 06 ක අමතර සහන කාලයක් සහ 2020.07.01 සිට 2020.09.30 දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා රියදුරු බලපත්‍රය අවසන් වන දින සිට මාස 03 ක සහන කාලයක් ලබා දීමට කටයුතු කර ඇත.
රියදුරු බලපත්‍ර එක් දින සේවාව යටතේ ලබා ගැනීමේ පහසුකම් වේරහැර කාර්යාලයට අමතරව හම්බන්තොට හා අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල මගින් ද සලසා ඇති බැවින්, සේවාලාභීන්ට එම ස්ථාන වෙත යොමු වීමේ හැකියාව ද පවතින බව අමාත්‍යාංශය පවසයි.
සාමන්‍ය සේවාව මඟින් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අනෙකුත් සෑම දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයක් හරහාම අවස්ථාව හා පහසුකම් සලසා තිබෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය ඉල්ලා සිටී.