අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයාට සිදුවූ දේ

Share

රුපියල් 15,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

 

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද අදාළ පොලිස් පරීක්ෂකවරයා එම කොමිසමේ නිලධාරීන් විසින් අද(14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියට පමුණුවනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවට අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය.

යක්කල පොලීසියේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කෙරුණි.

ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවක සැකකරුවකුට නියම කර ඇති ඇප කොන්දේසි ලිහිල් කර දීමට අවශ්‍ය කටයුතු ඉටු කරදීම සඳහා රුපියල් 15,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත්තේ යැයි ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් මෙම සැකකාර පොලිස් පරික්ෂකවරයා අත්අඩංගුට ගෙන තිබුණි.

Read more

Local News