සංඝබෝධි මහා විද්‍යාලයේ ආචාර්ය පන්නිල ආනන්ද නාහිමි නව ගොඩනැගිල්ල සිසු අයිතියට

Share

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා නිට්ටඹුව සංඝබෝධි මහා විද්‍යාලයේ ආචාර්ය පන්නිල ආනන්ද නාහිමි නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට ඊයේ (26) පස්වරුවේ එක්විය. එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ,

මෙරට දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව තහවුරු කිරීමට අලුතින් සැළසුම්කළ පුළුල් වැඩපිළිවෙළකට සියලු දෙනා එක්විය යුතු බවත්, පාසල මෙන්ම නිවස ද දරුවන්ට සුරක්ෂිත විය යුතු අතර වාණිජ සමාජයේ අභියෝග හමුවේ දරුවන් පීඩාවට පත්කිරීමට ඉඩ තැබිය නොහැකි බවයි.

නිට්ටඹුව සංඝබෝධි මහා විදුහලේ පැවැති බලවත් අවශ්‍යතාවයක් සපුරාලමින් රුපියල් ලක්ෂ 260ක වියදමින් පන්සියකට අධික සිසු දරු දැරියන්ට සිප් සතර හැදෑරීට පහසුකම් සළසමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

ඓතිහාසික අත්තනගල්ල ශී‍්‍ර අරහන්ත රජමහා විහාරාධිපති, ඇමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ සහ තායිවානයේ ථේරවාදී බෞද්ධ විහාරාධිපති මහෝපාධ්‍යය ආචාර්ය පන්නිල ශී‍්‍ර ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ මෙහෙවීමෙන් සහ දායකත්වයෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් පසුගියදා ආරම්භ කළ දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ඔස්සේ දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් වැඩසටහන් රැසක් දැනටමත් දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක කර තිබෙන බවයි.

Read more

Local News