ඉදිරියේදී ජීවත්විය යුතු ආකාරය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මාර්ගෝපදේශ ත්‍රිත්වයක්

Share

”මම කෙලින්ම කියන්නම් බොහෝ රටවල් වැරදි දිශාවට ගමන් කර ඇති බව මට පැහැදිලියි.වෛරසය මහජන සතුරාගේ අංක එකේ රැඳී සිටින නමුත් බොහෝ රජයන් සහ ජනතාවගේ ක්‍රියා තුළ එය තැකීමක් කර ඇති බවක් පිළිබිඹුවන්නේ නැහැ.වෛරසයේ එකම අරමුණ ආසාදනය වීමට මිනිසුන් සොයා ගැනීමයි.නායකයින් ලබාදෙන මිශ්‍ර පණිවිඩවලින් මේ වසංගතයට මුහුණදෙන්න තියෙන වැදගත්මදේ අතපසුවෙලා තියෙනවා.ඒ තමයි විශ්වාසය”

ටෙඩ්රෝස් ඇඩ්නම් ගෙබ්රියේසස්
– අධ්‍යක්ෂ ජෙනරාල් –
ලෝක සෞඛ්‍ය සංවිධානය

 

කොවිඩ් 19 මර්දනය කිරීමේදී බොහෝ රටවල් වැරදි දිශාවට ගමන්කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් ඇඩ්නම් ගෙබ්රියේසස් පෙන්වා දෙන්නේ නායකයින් ලබාදෙන වැරදි උපදෙස් නිසා වෛසරය මැඩලීමට අවශ්‍ය වැදගත්ම කරුණ වන විශ්වාසය බිඳවැටී ඇති බවයි.

අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ, ජීවිත බේරාගැනීමේ අරමුණින් සම්ප්‍රේෂණ වැළැක්වීම සඳහා සීමා පැනවුව ද ජනතාව දෑත් පිරිසිදු කිරීම, සමාජ දුරස්ථභාවය, නිවසේ රැඳී සිටීම වැනි මාර්ගෝපදේශ පිළිනොපදින්නේ නම්, නරක දිශාවටම ගමන් කරනු ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, කොවිඩ් 19 ව්‍යාප්තවීමට පෙර පැවති තත්ත්වයෙන් අනාගතයේ ජීවත්විය නොහැකි බවයි.

”අද ආහාර ආරක්ෂාව හා පෝෂණය සම්බන්ධයෙන් වූ නවතම වාර්තාව එළි දැක්වුනා.එහි දැක්වෙන්නේ 2019 වසරේදී පුද්ගලයින් මිලියන 690 ක් කුසගින්නේ සිටි බවයි.කොවිඩ් 19 තත්ත්වය තක්සේරු කිරීමට අපිට දැනටම හැකියාවක් නැහැ.නමුත් වාර්තාවට අනුව මේ වසර අවසානයෙන්දී තවත් මිලියන 130 ක් කුසගින්නේ ඉන්න පුලුවන්.මේකට කෙටි මාර්ග නෑ.අපි බලාපොරොත්තුවනවා මේකට ප්‍රතිකාරයක් ලෙස ඖෂධයක් සොයාගන්න පුළුවන් වෙයි කියල.නමුත් මේ අවස්ථාවේදී සම්ප්‍රේෂණය මැඩ පැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට තියෙන උපක්‍රම පිළිබඳව අවධානය යොමුකළ යුතුයි.අපි තිරසර තත්ත්වයකට අවතීර්ණ වෙන්න ඕනේ.මොකද වෛරසය නිසා අපේ ජීවිත සම්පූර්ණයෙන්ම අඩාල කිරීම , ලොක්ඩවුන් තත්ත්වයෙන් තවත් ලොක් ඩවුන් තත්ත්වයකට යාම මගින් සමාජයට දැඩි බලපෑමක් එල්ල කරනවා”

ඉදිරියේදී ජීවත්විය යුතුව ඇති ආකාරය සම්බන්ධයෙන්  වූ මාර්ගෝපදේශ ත්‍රිත්වයක් ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ.

1. සම්ප්‍රේෂණය මර්දනය හා මරණ සංඛ්‍යාව අඩුකිරීමට අවධානය යොමුකිරීම.

2.පුද්ගලයන්ගේ චර්යාව කෙරෙහි අවධානය යොමුකරන සමාජයන් බිහි කිරීම.

3. ශක්තිමත් රජයේ නායකත්වයක් සහ මැඩ පැවැත්වීමට ගන්නා ක්‍රමවේද පිළිබඳව පැහැදිලිව සහ අඛණ්ඩව ජනතාවට දැනුවත් කරන ක්‍රියාවලියක් නිර්මාණය කිරීම

Read more

Local News