පොලිස් නිලධාරීන් පිරිසක් අනතුරට ලක් කළ ටිපර් රියදුරු රිමාන්ඩ්

Share

මාතර, හක්මන ප්‍රදේශයේදී මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අනතුරට ලක් කර පලායාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

සැකකරු අද (15) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම, රාජකාරී නිලධාරීන්ට සුළු/බරපතළ තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ හා අන්තරායක ලෙස රිය පැදවීම, විරුද්ධ මාර්ගයේ ගමන් කිරීම යන රථ වාහන වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

පසුගිය 13 වනදා මාතර, හක්මන ප්‍රදේශයේ දී මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක්, සැකකරු විසින් ටිපර් රථයකින් යටකර පලාගොස් තිබුණි.

අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබීය.

Read more

Local News