වෛද්‍ය අනිල් ජාසිංහගෙන් ප්‍රකාශයක්

Share

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව ඊයේ දින (15) සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ.

 

ආයතන ප්‍රධානීන්ගේ වගකීම

“මෙහිදී, විශේෂයෙන්ම අපගේ අවධානය යොමු වී තිබෙනවා මේ රටේ අතිවිශාල ආයතන සංඛ්‍යාවක් තිබෙනවා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ. ඒ විශ්ව විද්‍යාල වෙන්න පුළුවන්, නේවාසිකාගාර වෙන්න පුළුවන්. දැනටත් ඉදිරියටත් ඉතාම වැදගත් දෙයක් තමයි මේ වැඩිවශයෙන් ඉන්න ස්ථානවල ඒ වගේම කාර්යාලවල ඒ ආයතන ප්‍රධානීන් යම්කිසි ආකාරයකට වගවීමකට ලක්වීම, එම ආයතන වල සිටින පුද්ගලයින් සම්බන්ධයෙන්. ඔවුන්ට උණ තිබෙනවද ශ්වසන රෝග තිබෙනවාද ආදී වශයෙන් සොයාබැලීම. ඒ වගේම එසේ රෝගී තත්ත්වයන් තිබෙනවා ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීම. යම්කිසි ආකාරයකින් එවැනි තත්වයක් තිබෙනවා නම් සේවයට වාර්තා නොකර සිටීම. ඒ වගේම සේවා ස්ථානවල එක් එක් ඒකක ගත්විට එම ඒකක හැකිතාක් දුරට වෙන් වෙන් වශයෙන් පවත්වා ගැනීම. වෙන් වෙන් ඒකක වල අය හමුනොවී වෙන්වෙන් වශයෙන් පැමිණ පිටවීමට අවස්ථාව සැලසීම ආදිය පවත්වා ගත යුතු වෙනවා. මෙය ඇත්තෙන්ම හුදෙක් මෙම අවස්ථාව ගැන පමණක් සිතා නෙමෙයි ඉදිරියටත් පවත්වා ගත යුතු තත්ත්වයක්. මොකද අපි දන්නවා මේ වනවිට ජනතාවගේ ගමන් බිමන් හැසිරීම් රටා යම් ප්‍රමාණයකට වෙනස් වෙලා තිබෙනවා. මෙම තත්ත්වයන් නැවත හොඳ අතට හරවා ගැනීම විශේෂයෙන්ම ආයතනවල පවත්වා ගැනීම ආයතන ප්‍රධානීන් අංශ ප්‍රධානීන් සතු වගකීමක් බව කීමට අවශ්‍යයි. එහිදී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමත් ඒ අනුව ඔවුන් වගවීම යම්කිසි ලෙසකට සහතිකවීම වැදගත් වෙනවා”.

Read more

Local News