අල්ලස් ගත් උපපොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

Share

රුපියල් 5000 ක මාසික අල්ලස් මුදලක් ලබා ගත් උපපොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ වැටලීමකිනි.

එහි විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණි විරසුරිය මහත්මිය පැවසුවේ, සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා මිරිහාන පොලීසියට අනියුක්තව කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ සේවයේ නියුතු අයෙකු බවයි.

නීති විරෝධි මත්පැන් නඩුවකින් නිදහස් වූ පුද්ගලයෙකුට යළි නඩු පවරන බවට සඳහන් කරමින්, සැකකරු මාසිකව රුපියල් 5000 බැගින් අල්ලස් ලබා ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, ජුනි මාසයට අදාළ අල්ලස් මුදල ලබා ගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ඔහු ලබුගම, කාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Read more

Local News