දකුණු අධිවේගී මාර්ගයේ මගීන්ට කියැවීමේ රුචිය වැඩි කිරීමේ වැඩපිළිවෙළක්

Share

දක්ෂණ අධිවේගී මාර්ගයේ මහරගම සිට මාතර දක්වා ධාවනය කෙරෙන බස්රථවල ගමන් ගන්නා මගීන්ට කියැවීමේ රුචිය වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හා පුස්තකාල සේවා මණ්ඩලය එක්ව අරඹයි.

මේ වැඩපිළිවෙළ ‍පෙබරවාරි මස 1 වැනිදා පෙරවරු 10 ට මහරගම ශ්‍රී ලංගම බස් නැවතුම්පළේ දී ශ්‍රී ආරම්භ කරන බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවැසීය.

මේ වැඩපිළිවෙළ ප්‍රථමයෙන් බස්රථ 15කින් ආරම්භ කෙරෙන අතර, මගීන්ට කියවීම සඳහා එම බස්රථවල ආසනවල පොත බැගින් තබන බව චන්ද්‍රසිරි මහතා පැවැසීය.

Read more

Local News