කොරෝනා ආසාදිතයින් 13ක් සුව අතට

Share

අද (23) උදෑසන 10 වන විට තවත් ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2077ක් දක්වා ඉහළ ගියේය.

 

ඊයේ (22) දිනයේ වාර්තා වූ නව රෝගීන් 22ත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2752 දක්වා ඉහළ ගොස් තිබේ.

එම රෝගීන් 22 අතරින් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ, නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු ද කොවිඩ් නයින්ටීන් රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ.

ඊට අමතරව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ද කොවිඩ් නයින්ටීන් රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙකු බව සඳහන් වේ.

ඒ අනුව මේ වනවිට කොවිඩ් නයින්ටීන් රෝගීන් 664 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබයි.

Read more

Local News