මුහුදේ මසුන් මැරීම පෙබරවාරි 21 සිට 25 දක්වා තහනම්

Share

ධීවරයින්ට කච්චතිව් හා ඒ අවට මුහුදේ මසුන් මැරීමේ කටයුතු පෙබරවාරි මස 21 දා සිට 25 දා දක්වා ඉන්දීය නාවික හමුදාව විසින් තහනම් කොට තිබේ.

ඒ යාපනයේ කච්චතීව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පෙබරවාරි මස 23 හා 24 යන දිනවලදී පැවැත්වීමට නියමිත බැවිනි.

මංගල්‍යය පැවැත්වෙන කාලය තුළදී ඉන්දීය නාවික හමුදාව, වෙරළාරක්ෂක නිලධාරීන්, පොලිස් මුර සංචාරක යාත්‍රා, ආගමන විගමන නිලධාරීන්, රේගු නිලධාරීන් හා ගිලන් රථ බෝට්ටු සේවාව මේ කාලයේදී ක්‍රියාත්මක වෙයි.

ඉන්දීය වැසියන්ට වීසා නොමැතිව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ ලැබෙන එකම අවස්ථාව මේ කච්චතිව් වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන දින දෙක පමණි.

Read more

Local News