මත්පෙති සමග දෙදෙනෙක් අත්අඩංගුවට

Share

කොටුව පොලිස් වසමේ, කොටුව ගලදාරි හෝටලය අසළ දී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 400ක් හා මත්පෙති 5600ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුුරුදු 20ක් හා 29ක් වු වත්තල හා අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොටුව පොලීසිය සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Read more

Local News