මැතිවරණය වෙනුවෙන් ජනතාවට හෙට සිට විශේෂ ප්‍රවාහන සේවයක්

Share

මහ මැතිවරණයට ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් හෙට සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වේ.

 

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, හෙට සිට අගෝස්තු 10 වැනිදා දක්වා එම සේවා ක්‍රියාත්මක බවයි.

ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 5300 ක් එම දිනවල ධාවනයට එක් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඊට අමතරව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පවතින බස් රථ 600 ක් පමණ ධාවනය සඳහා සූදානම් කර තිබේ.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා තාවකාලික ධාවන බලපත්‍ර ලබාදී ඇති බවයි.

පොදු ප්‍රවාහන සේවාවල තදබදයක් ඇති නොවීම සඳහා එලෙස විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Read more

Local News