ජනපති ප්‍රධානත්වයෙන් ලබන මස 2දා ලෝක තෙත් බිම් ජාතික වැඩසටහන

Share

2018 ලෝක තෙත් බිම් දින ජාතික වැඩසටහන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 02දා පෙ.ව. 9.00 ට බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
1971 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වැනි දින ලෝක තෙත්බිම් දිනය වශයෙන් ලෝකය පුරා උත්සවාකාරයෙන් සමරනු ලබයි‍.
මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී රක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය සංවිධානය කරනු ලබයි.
පරසර පද්ධතියක් වශයෙන් තෙත් බිම් යනු අතිසංවේදී විශේෂ පාරිසරික හා සමාජයීය කාර්යභාරයකටදායක වන පරිසර පද්ධතියක් බැවින් එය රැක ගැනීම සඳහා ලෝක මට්ටමින් පියවර ගෙන ඇත.

Read more

Local News