මම එජාපයෙන් ගියොත් මාවත් අයින් කරන්න – රනිල්

Share

තමා වුවද, එක්සත් ජාතික පක්ෂය හැර ගියහොත් පක්ෂයෙන් ඉවත් කළ යුතු බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (30) කොළඹ පැවති ජනහමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙරට ජනතාවට තුන් වේලටම ආහාර ලබාගත හැකිවන්නේ එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ පමණක් බවත් එහිදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

“සමහරුන්ට ඕන වුණා අපේ නමින් නැතුව එන්න..සමහරු අලුත් පක්ෂයක් ඇති කරගත්තා..දැනට 100ක් විතර ඉවත් කළා. තවත් ඒවා වාර්තා අනුව ක්‍රියා කරනවා..”

“මම එක්සත් ජාතික පක්ෂයෙන් ගියොත් මාවත් අයින් කරන්න..”යනුවෙන් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News