31 වනදා අාරම්භ වන පළමු ටෙස්ට් තරඟය ශකීබ් අල් හසන්ට අහිමි වෙයි

Share

මේ මස 31 වනදා බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟ අාරම්භ වෙයි.

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් පිලේ නව නායක ශකීබ් අල් හසන්ට ශ්‍රී ලංකා පිල සමග 31 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී තිබෙන බව වාර්තා වෙයි.

ඒ පෙරේදා නිමාවට පත්වූ තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරඟයේ පන්දු රකිමින් සිටියදී ඔහුගේ වම් අත තුවාල වීම හේතුවෙනි.

ඔහුගේ තුවාලයට මැහුම් කිහිපයක් දැමීමට සිදුවී තිබේ. ඔහු වෙනුවට මහ්මදුල්ලා කණ්ඩායම මෙහෙයවන බවත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

Read more

Local News