මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

අද (02) සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති වන අතර ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව වාර්තා වේ.

දකුණු පළාතේ, පොළොන්නරුව, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ. කි. මි. 60 දක්වා තද සුළං ඇති විය හැකි බවත් බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News