අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුන්වන ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු මුල්ලේරියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 8යි මිලිග්‍රැම් 60ක් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

48 හැවිරිදි මුල්ලේරියාව පැරකුම් මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News