විරල චන්ද්‍රග්‍රහණයක් හෙට

Share

හෙට (31) ට යෙදෙන නවම් පුර පසළොස්වක පොහෝ දිනයේදී විරල චන්ද්‍රග්‍රහණයක් හෙවත් “සුපිරි නිල් රුහිරු සඳක්”  උදාවන බව නවීන තාක්ෂණ පිළිබඳ අාතර් සී ක්ලාක් අායතනයේ තාරකා විද්‍යා අංශය සඳහන් කරයි.

එම අංශය පෙන්වා දෙන්නේ මෙම පුර්ණ චන්ද්‍රග්‍රහණය වළාකුළු වලින් තොර කාලගුණයක් පැවතුනහොත් පමණක් පස්වරු 6.21 සිට රාත්‍රී 7.37 දක්වා නැගෙනහිර ක්ෂිතිජයට අාසන්නව ශ්‍රී ලංකාවාසින්ට දැකගත හැකි වනු අැති බවයි.

පියවි අැසින් නිරීක්ෂණය කළ හැකි මෙම චන්ද්‍රග්‍රහණය දෙනෙතියක හෝ දුරේක්ෂයක අාධාරයෙන් වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කිරිමේ හැකියාව පවතී.

 

Read more

Local News