නව පාර්ලිමේන්තුවේ අගමැති මහින්ද හෙට දිවුරුම්දී දෙයි

Share

නවවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට (09) දිනයේ දිවුරුම්දීමට නියමිතව තිබේ.

 

කැලණිය රජ මහ විහාරයේ දී හෙට (09) පෙරවරු 09.00ට මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

මෙවර මහ මැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගත්තේය.

නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය සැලසුම් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

Read more

Local News