සියලුම පාසල් අද ආරම්භ වේ

Share

දිවයිනේ සියලු පාසල් වල අධ්‍යයන කටයුතු අද(10) ආරම්භ වේ.

 

5,10,11,12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘතව පවතින අතර අනෙක් ශ්‍රේණි සඳහා අදියර වශයෙන් අධ්‍යයන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන අතර ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල් සඳහා එක් එක් ශ්‍රේණිවලට අධ්‍යයන කටයුතු සිදුකිරිමට නියමිත දින නම් කර තිබේ.

ළමුන් 200 ට වැඩි ප්‍රාථමික පාසල් සඳහා පළමු ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය සඳුදා දිනයේත්, 2 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය අඟහරුවාදා දිනයේත්, 3 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය බදාදා දිනයේත් පැවැත්වේ.

මීට අමතරව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 4 සහ 5 වන ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර සිසුන් සංඛ්‍යාව 200 ට වැඩි ද්විතියක පාසල් සඳහා සඳුදා දිනයේ 6 වන ශ්‍රේණියත්, අඟහරුවාදා දින 7 වන ශ්‍රේණියත් බදාදා දින 8 වන ශ්‍රේණියත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 9 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු පැවැත් වේ.

මේ අතර සිසුන් සංඛ්‍යාව 200 වැඩි ද්විතික පාසල්වලල 10 වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණි දක්වා අධ්‍යයන කටයුතු සතියේ දින 05 තුළ ම පැවැත්වේ.

6,7,8 සහ 9 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 07.30 සිට දහවල් 01.30 දක්වා වන අතර 10 සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් කාලය පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News