නව අග්‍රාමාත්‍ය සංඝරත්නයෙන් ආශිර්වාද ලබා ගනී

Share

නව වන පාර්ලිමේන්තුවේ විසි අටවන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දිමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබාගෙන තිබේ.

 

ඊයේ(09) පස්වරුවේ පැපිලියාන සුනේත්‍රා දේවී මහා පිරිවෙන වෙත ගිය අග්‍රාමාත්‍යවරයා, පරිවේණාධිපති මහාචාර්යය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මෙහිදි අග්‍රාමාත්‍යවරයා සුනේත්‍රා දේවි පිරිවෙණේ අභිනවයෙන් ඉදිකළ ධාතුමන්දිරයේ පළමු පහන් පුජාවට ද එක්වු බව අග්‍රාමාත්‍ය  මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

අනතුරුව බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විහාරාධිපති අචාර්යය පුජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ආගමික වතාවත්වලට එක් ව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය වෙත ගොස් විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබේ.

Read more

Local News