Tuesday, March 19, 2024.

අපරාධ කල්ලි සාමාජිකයින් 2ක් මතුගම දී අත්අඩංගුවට

Share

කළුතර නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය විසින් අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මතුගම, යටදොලවත්ත සහ සෙන්-පීටර්ස්වත්ත ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී රිවෝල්වරයක් සහ පිස්තෝලයක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැක කෙරෙන “දොඩංගොඩ ලියනගේ ශාන් අරෝෂ් ජයසිංහ“ යන අයගේ සමීපතමයෙකු බව සඳහන් වේ.

Read more

Local News