මන්නාරමේ ධීවරයින්ට මාළු විශේෂයක් අසාමාන්‍ය ලෙස හසුවෙයි

Share

මන්නාරමේ මුහුදු යන ධීවරයින්ට මේ දිනවල බෝල්ලු නැමැති මුහුදු මාළු විශේෂය අසාමාන්‍ය ලෙසින් හසුවෙමින් ඇති අතර දිනකට මාළු කිලෝ 25,000 කට අධික ප්‍රමාණයක්ද ඉක්මවන බවට මන්නාරම් ධීවරයෝ පවසති.

මේ හේතුවෙන් බෝල්ලු මාළු කිලෝවක් මන්නාරමේදී රුපියල් 150 ත් 200 ත් අතර මුදලකට විකිණීමට හැකිව තිබේ.

බෝල්ලු නැමති මෙම මුහුදු මාළු විශේෂය වැඩි වශයෙන් හසු වීම හේතුවෙන් මේ දිනවල මන්නාරම් ධීවරයින්ගේ ආර්ථිකයටද වාසියක් ඇති අතරම වෙනදා මුහුදු ගමන් ගොස් ගතවන කාලයටත් වඩා දෙගුණයකටත් අඩු කාලයක් තුළදී විශාල මාළු තොගයක් ලැබීම හේතුවෙන් මන්නාරම් ධීවරයින්ට මහත් අස්වැසිල්ලක් වී ඇත.

මෙම මුහුදු මාළු විශේෂය ගැන ඉන්දීය ධීවරයින් දැන ගන්නේ නම් ඔවුන් ට්‍රෝලර් යාත්‍රා වලින් පැමිණ සිදු කරන මසුන් ඇල්ලීමේ ක්‍රමය මගින් තමන්ගේ මාළු ඉල්ලම නැති කිරීමට බොහෝවිට ඉඩකඩ අැති බව මන්නාරම් ධීවරයින් වැඩි දුරටත් කියා සිටියේ ය.

Read more

Local News