අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද

Share

අමාත්‍ය මණ්ඩලය අද (12) දිවුරුම්දීමට නියමිතය.

 

මහනුවර මඟුල් මඩුවේ දී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් හිමිකරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු බලය හිමිකර ගැනීමට සමත් විය.

පසුගිය 10 වනදා අමාත්‍යාංශ 28 ක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේය.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ 40 ක් ද ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට එදින කටයුතු කර තිබුණි.

Read more

Local News