මාලක සිල්වා අත්අඩංගුවට

Share

හිටපු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

තලංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනය කර රුපියල් දෙලක්ෂයක මුදලක් ලබා ගැනීමට තැත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජුලි මස 16 වනදා තලංගම පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී ඊයේ (11) රාත්‍රී 08.40ට පමණ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ..

අත්අඩංගුවට ගත් සැකකරු අද (12) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර තලංගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News