නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමට සුදානම්

Share

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මේ වන විට දිවුරුම්දීමට සුදානමින් සිටියි.

 

ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේ දීය.

මේ වන විටත් සියලු විෂයන් භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ මගුල් මඩුවට පැම්ණ තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත නව ආණ්ඩුවේ අමාත්‍යාංශවල සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා අණ පනත් ගැසට් නිවේදනයක් මඟින් පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

ජාතික ආරක්ෂාව , ආර්ථික සංවර්ධනය , යටිතල පහසුකම් , අධ්‍යාපන , සෞඛ්‍ය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අමාත්‍යංශ ව්‍යුහය සකස් කර තිබේ.

Read more

Local News