විවාදයට පාර්ලිමේන්තුව ලබන 6වනදා රැස් වීමට නියමිතයි

Share

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද (30) දහවල් 12ට ගරු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අතර මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම පෙබරවාරි මස 06 දින පෙ.ව. 10.30 ට පැවැත්වෙන බවයි.

මෙම අවස්ථාවට ගරු කථානායකතුමාගේ විශේෂ ඇරයුම පරිදි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද එක්විය.

එළඹෙන පෙබරවාරි 08 දින පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පලකර ඇති අදහස් සහ එහිදී ඇති විය හැකි ප්‍රයෝගික තත්වයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී ඇති කරුණු කෙරෙහි රැස්වීමේ මූලික අවධානය යොමු විය.

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වරයා ඇතුළු කොමිෂන් සභාව විසින් සාධාරණ නීතිගරුක මැතිවරණයක් පැවැත්වීම සඳහා ගෙන ඇති පියවර අගය කළ කථානායක කරු ජයසුරිය මහතා පෙන්වා දුන්නේ ඔවුන් විසින් සාර්ථක අන්දමින් ඉටුකරමින් පවතින මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලියට බාධා නොවන ලෙස තීරණ ගැනීම සුඳුසු වන බැවින්, හැකියාවක් තිබේ නම් පෙබරවාරී 08 වන දාට පෙර දිනයක පාර්ලිමේන්තුව කැදවීම සඳහා සලකා බැලීම සුදුසු බවයි. පක්ෂ නායක රුස්වීමට එක් වූ බහුතර පිරිසද එය අනුමත කරමින් අදහස් දැක්වූහ.

අනතුරුව මෙම කරුණු පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ද මතය විමසා සිටි අතර, එතුමන් දන්වා සිටියේ පෙබරවාරී 06 දින පාර්ලිමේන්තුව රැස්කිරිම යෝග්‍යවනු ඇති බවයි.

Read more

Local News