විදෙස්ගත ලාංකීකයින් 730ක් දිවයිනට

Share

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකීකයින් 730 දෙනෙක් එම රටවල සිට අද (20) අලුයම දිවයිනට පැමිණ තිබේ.

 

මේ අතර අද දිනයේ දී තවත් පුද්ගලයින් 8 දෙනෙක් අබුඩාබිහි සිට මෙරටට පැමිණීමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව, දෝහා කටාර් සිට පුද්ගලයින් 20ක්, කුවේට් සිට පුද්ගලයින් 160ක්, චෙන්නායි සිට පුද්ගලයින් 290ක් හා ඩුබායි සිට පුද්ගලයින් 260 දෙනෙක් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතය.

මේ අතර, අද දිනය තුළ නිරෝධායනය අවසන් කර පුද්ගලයින් සිව් දෙනෙක් නිවෙස් වෙත පිටව යෑමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද වන විට පුද්ගලයින් 31,134ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44ක පුද්ගලයින් 5,944ක් නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (19) දිනය තුළ පීසීආර් පරීක්ෂණ 1680ක් සිදුකර ඇත අතර, මේ වන විට ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 195,025කි.

මේ වන විට මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2,902ක් වන අතර, සුවය ලැබු සමස්ථය 2760ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News