පුටින්ගේ විරුද්ධවාදියෙකු වූ ඇලෙක්සිට වස දී ඇති බවට සැකයක්

Share

රුසියාවේ විපක්ෂ දේශපාලනයේ ප්‍රබල චරිතයක් ලෙස සැලකෙන ඇලෙක්සි නවල්නි සිහිසුන්ව රෝහල්ගතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දූෂණ විරෝධී ක්‍රියාධරයෙක් ලෙස ද සැලකෙන ඇලෙක්සි ගුවන් ගමනක් යෙදෙන අතරතුර අසනීප වී ඇති අතර එබැවින් ඔහු ගමන් කරමින් සිටි ගුවන් යානය ඕම්ස්ක් ගුවන්තොටුපළට ගොඩබා තිබේ.

ඔහුගේ ප්‍රකාශිකාව පැවසුවේ ඇලෙක්සි නවල්නි ගේ තේ කෝප්පයට වස කලවම් කර ඇති බවට සැක කෙරෙන බවය.

ඇලෙක්සි, රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ විරුද්ධවාදියෙක් ලෙස සැලකේ.

Read more

Local News