ප්‍රතික්ෂේප කර අතහැරදමා යන බිළිඳුන් භාරගැනීමට විශේෂ කවුළු

Share

විවිධ හේතූන් මත සිය අලුත උපන් බිළිඳුන් හෝ වයස අවුරුද්දට අඩු ළමයින් දෙමාපියන් විසින් ප්‍රතික්ෂේප කරමින් විවිධ ස්ථානයන්හි අතහැරදමා යාම වැළැක්වීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නව පියවරක් ගෙන තිබේ.

 

ඒ අනුව එසේ ප්‍රතික්ෂේප කරන දරුවන් භාර ගැනීමේ කවුළු ( Infant receiving windows) පළාත් 9හි ප්‍රධාන රෝහල් 9ක ළමා රෝග අංශයට අනුබද්ධව ඇති කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කර තිබේ.

එසේම ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීම සඳහා වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් ඒ යටතේ ළමා අපයෝජනය සිදුකරනු ලබන සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්ය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පැමිණිලි යාවත්කාලීන කිරීම හා කළමනාකරණය කිරීමේ ඩිජිටල් පද්ධතිය ( Complaint Update and Management Digital System – CUMS) ප්‍රථම වරට මේ වනවිට සකසා අවසන් බවද අදාළ නිවේදනයේ සඳහන්ය.

එසේම, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් පැමිණිලි යාවත්කාලීන කිරීම හා කළමනාකරණය කිරීමේ ඩිජිටල් පද්ධතිය( Police Complaint Update and Management Digital System – Police CUMS) සකස් කිරීමේ කටයුතු මේ දිනවල දී සිදුකරමින් පවතින බවත් ජාතික ළමා අරක්ෂක අධිකාරිය පවසයි.

Read more

Local News